8.8 දෙමුහුම් ජාල ස්ථලක (Hybrid topologies)

                 ජාල ස්ථලක වර්ග දෙකක් එකිනෙකට සම්බන්ධ වී මෙම ජාල ස්ථලකය නිර්මාණය වේ.
                         උදා
:- තරුමය සහ බස්‍රීය ජාල ස්ථලක එකිනෙකට සම්බන්ධ වී එක් ජාල ස්ථලකයක් නිර්මාණය වී ඇත. 

8.8 දැලිස ජාල ස්ථලකය (Mesh topology)


               මෙහිදී සෑම පරිගණකයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇත.

දැලිස ජාල ස්ථලකයේ අවාසි
  • නඩත්තුව අපහසු වීම.
  • දෝෂයක් පැණ නැගුණු විට එය කොහෙන්ද යන්න සොයාගැනීමට අපහසු වීම.
  •  නිර්මාණය කිරීම සදහා යන පිරිවැය වැඩිය.
  • වැඩි වයර් ප්‍රමාණයක් යොදා ගැනීම.
  • යවන දත්ත සෑම පරිගණකයකටම යැවීම.

දැලිස ජාල ස්ථලකයේ වාසි
  • එක් පරිගණකයක් බිද වැටුණද අනෙක් පරිගණක සමග සම්බන්ධ වීමට හැකිවීම.

8.8 රුක්මය ජාල ස්ථලක (Tree topology)



                    මෙම ක්‍රමයේදී තරු ආකාරයට සකස් කරන ලද workstation කණ්ඩායමක් රේඛාමය bus එකකට සම්බන්ධ කර තිබේ. මෙමගින් star සහ linear bus ආකෘති වලට ආවේණික ලක්ෂණ එකිනෙකට සම්බන්ධ කිරීමක් සිදුවේ.

රුක්මය ජාල ස්ථලකයේ වාසි
  • මෙහිදී අතු වෙන වෙනමම පාලනය කිරීමට හැකිවේ.

රුක්මය ජාල ස්ථලකයේ අවාසි 
  • එක් ප්‍රධාන රැහැනක් මත යැපීම.
  • backbone එකේ දෙකෙලවර වැසීමට සිදුවීම.
  • නඩත්තු කිරීම අපහසු වීම.
  • නිපදවීමට විශාල පිරිවැයක් දැරීම.
  • සංකීර්ණ පද්ධතියක් වීම.

8.8 වටමය ජාල ස්ථලකය (Ring topology)


               එකක් අනෙකට, දෙවැන්න තුන් වැන්නට යනාදී පිලිවෙලකට එකකට එකක් වශයෙන් මුදුවක් ආකාරයට එක පෙළට සවිකිරීම මෙම ක්‍රමයයි.

වටමය ජාල ස්ථලකයේ අවාසි
  • දත්ත එක පැත්තකට පමණක් ගමන්කිරීම.
  • එක් පරිගණකයක් අඩපණ වූ විට අනෙක් පරිගණක සදහා දත්ත ගමන්කිරීම අඩපණ වීම.
  • සෑම දත්තයක්ම සෑම පරිගණකයක් හරහා ගමන්කිරීම.
  • ප්‍රධාන වයරයට හානියක් සිදු වූ විට දත්ත ගමන්කිරීම අඩපණ වීම.
  • සෑම පරිගණකයක්ම එකම වයරයකින් සම්බන්ධ වීම. (Backbone)

8.8 තරුමය ජාල ස්ථලකය (Star topology)


                    මේ ක්‍රමයේදී hub 1ක් වැනි මධ්‍ය ස්ථානයකට සියලුම උපාංග සවිකරනු ලැබේ.

රුමය ජාල ස්ථලකයේ අවාසි
  • දිගින් වැඩි රැහැන් අවශ්‍ය වේ.
  • Hub/Switch අක්‍රීය වූ විට මුලු පද්ධතියම බිද වැටේ.
  • උපකරණ මිල අධිකය.
 තරුමය ජාල ස්ථලකවල වාසි
  • ස්ථාපනය කිරීම හා රැහැන් ඇදීමට පහසු වේ.
  • උපාංග සම්බන්ධ කිරීමේදී හා ඉවත් කිරීමේදී පරිගණක ජාලය බිද නොවැටේ.
  •  දෝෂ අනාවරණය කරගැනීම හා කොටස් ඉවත් කිරීමට පහසු වේ.

8.8 බස්රීය ස්ථලක (Bus Topology)


                             මේ ක්‍රමයේදී සියලුම උපාංග පොදු ප්‍රවාහන මාධ්‍යයකට වෙන් වෙන් ස්ථානවලදී සවි කරනු ලැබේ. කිසිදු පරිගණකයක් මධ්‍ය ඒකකය වශයෙන් නොසලකයි. සන්නිවේදන උපාංග අනෙක් උපාංග වලට පණිවුඩ සන්නිවේදනය කරනු ලැබේ.

බස්‍රීය ස්ථලකයේ අවාසි
  • ප්‍රධාන වයරයක් මත යැපීම (Backbone)
  • ප්‍රධාන වයරයට හානි වූ විට මුලු පද්ධතියම බිද වැටීම.
  • දෙකෙලවරින් වැසීමට සිදුවීම.
  • දත්තයක් යැවීමේදී එය සෑම පරිගණකයක් වෙතටම ගමන් කිරීම.
  • පහසුවෙන් පරිගණකයක් ජාලයට සම්බන්ධ කිරීමට අපහසු වීම.
බස්‍රීය ස්ථලකයේ වාසි
  • තරුමය ජාල ස්ථලකයට වඩා දිගින් අඩු රැහැන් අවශ්‍ය වීම.


8.8 ජාල ස්ථලක(Network topologies)


                      භෞතිකව පරිගණක එකිනෙකට සම්බන්ධ කරන ආකාරය ජාල ස්ථලක වේ. කිසියම් ආයතනයකට සුදුසු ජාල ආකෘතිය කුමක්ද යන්න එය සතු සම්පත්, සේවා වල ස්වභාවය සහ මූල්‍ය​ සීමා මත තීරණය වේ.
           ස්ථලක   වර්ග කිහිපයකි.
                                       බස්රීය (Bus Topology)
                                       තරුමය(Star Topology)
                                       වටමය(Ring Topology)
                                       බැඳිජාලමය(Mesh Topology)
                                       දෙමුහුම්(Hybrid Topology)