8.8 දෙමුහුම් ජාල ස්ථලක (Hybrid topologies)

                 ජාල ස්ථලක වර්ග දෙකක් එකිනෙකට සම්බන්ධ වී මෙම ජාල ස්ථලකය නිර්මාණය වේ.
                         උදා
:- තරුමය සහ බස්‍රීය ජාල ස්ථලක එකිනෙකට සම්බන්ධ වී එක් ජාල ස්ථලකයක් නිර්මාණය වී ඇත. 

8.8 දැලිස ජාල ස්ථලකය (Mesh topology)


               මෙහිදී සෑම පරිගණකයක්ම එකිනෙකට සම්බන්ධ වී ඇත.

දැලිස ජාල ස්ථලකයේ අවාසි
  • නඩත්තුව අපහසු වීම.
  • දෝෂයක් පැණ නැගුණු විට එය කොහෙන්ද යන්න සොයාගැනීමට අපහසු වීම.
  •  නිර්මාණය කිරීම සදහා යන පිරිවැය වැඩිය.
  • වැඩි වයර් ප්‍රමාණයක් යොදා ගැනීම.
  • යවන දත්ත සෑම පරිගණකයකටම යැවීම.

දැලිස ජාල ස්ථලකයේ වාසි
  • එක් පරිගණකයක් බිද වැටුණද අනෙක් පරිගණක සමග සම්බන්ධ වීමට හැකිවීම.

8.8 රුක්මය ජාල ස්ථලක (Tree topology)



                    මෙම ක්‍රමයේදී තරු ආකාරයට සකස් කරන ලද workstation කණ්ඩායමක් රේඛාමය bus එකකට සම්බන්ධ කර තිබේ. මෙමගින් star සහ linear bus ආකෘති වලට ආවේණික ලක්ෂණ එකිනෙකට සම්බන්ධ කිරීමක් සිදුවේ.

රුක්මය ජාල ස්ථලකයේ වාසි
  • මෙහිදී අතු වෙන වෙනමම පාලනය කිරීමට හැකිවේ.

රුක්මය ජාල ස්ථලකයේ අවාසි 
  • එක් ප්‍රධාන රැහැනක් මත යැපීම.
  • backbone එකේ දෙකෙලවර වැසීමට සිදුවීම.
  • නඩත්තු කිරීම අපහසු වීම.
  • නිපදවීමට විශාල පිරිවැයක් දැරීම.
  • සංකීර්ණ පද්ධතියක් වීම.

8.8 වටමය ජාල ස්ථලකය (Ring topology)


               එකක් අනෙකට, දෙවැන්න තුන් වැන්නට යනාදී පිලිවෙලකට එකකට එකක් වශයෙන් මුදුවක් ආකාරයට එක පෙළට සවිකිරීම මෙම ක්‍රමයයි.

වටමය ජාල ස්ථලකයේ අවාසි
  • දත්ත එක පැත්තකට පමණක් ගමන්කිරීම.
  • එක් පරිගණකයක් අඩපණ වූ විට අනෙක් පරිගණක සදහා දත්ත ගමන්කිරීම අඩපණ වීම.
  • සෑම දත්තයක්ම සෑම පරිගණකයක් හරහා ගමන්කිරීම.
  • ප්‍රධාන වයරයට හානියක් සිදු වූ විට දත්ත ගමන්කිරීම අඩපණ වීම.
  • සෑම පරිගණකයක්ම එකම වයරයකින් සම්බන්ධ වීම. (Backbone)

8.8 තරුමය ජාල ස්ථලකය (Star topology)


                    මේ ක්‍රමයේදී hub 1ක් වැනි මධ්‍ය ස්ථානයකට සියලුම උපාංග සවිකරනු ලැබේ.

රුමය ජාල ස්ථලකයේ අවාසි
  • දිගින් වැඩි රැහැන් අවශ්‍ය වේ.
  • Hub/Switch අක්‍රීය වූ විට මුලු පද්ධතියම බිද වැටේ.
  • උපකරණ මිල අධිකය.
 තරුමය ජාල ස්ථලකවල වාසි
  • ස්ථාපනය කිරීම හා රැහැන් ඇදීමට පහසු වේ.
  • උපාංග සම්බන්ධ කිරීමේදී හා ඉවත් කිරීමේදී පරිගණක ජාලය බිද නොවැටේ.
  •  දෝෂ අනාවරණය කරගැනීම හා කොටස් ඉවත් කිරීමට පහසු වේ.

8.8 බස්රීය ස්ථලක (Bus Topology)


                             මේ ක්‍රමයේදී සියලුම උපාංග පොදු ප්‍රවාහන මාධ්‍යයකට වෙන් වෙන් ස්ථානවලදී සවි කරනු ලැබේ. කිසිදු පරිගණකයක් මධ්‍ය ඒකකය වශයෙන් නොසලකයි. සන්නිවේදන උපාංග අනෙක් උපාංග වලට පණිවුඩ සන්නිවේදනය කරනු ලැබේ.

බස්‍රීය ස්ථලකයේ අවාසි
  • ප්‍රධාන වයරයක් මත යැපීම (Backbone)
  • ප්‍රධාන වයරයට හානි වූ විට මුලු පද්ධතියම බිද වැටීම.
  • දෙකෙලවරින් වැසීමට සිදුවීම.
  • දත්තයක් යැවීමේදී එය සෑම පරිගණකයක් වෙතටම ගමන් කිරීම.
  • පහසුවෙන් පරිගණකයක් ජාලයට සම්බන්ධ කිරීමට අපහසු වීම.
බස්‍රීය ස්ථලකයේ වාසි
  • තරුමය ජාල ස්ථලකයට වඩා දිගින් අඩු රැහැන් අවශ්‍ය වීම.


8.8 ජාල ස්ථලක(Network topologies)


                      භෞතිකව පරිගණක එකිනෙකට සම්බන්ධ කරන ආකාරය ජාල ස්ථලක වේ. කිසියම් ආයතනයකට සුදුසු ජාල ආකෘතිය කුමක්ද යන්න එය සතු සම්පත්, සේවා වල ස්වභාවය සහ මූල්‍ය​ සීමා මත තීරණය වේ.
           ස්ථලක   වර්ග කිහිපයකි.
                                       බස්රීය (Bus Topology)
                                       තරුමය(Star Topology)
                                       වටමය(Ring Topology)
                                       බැඳිජාලමය(Mesh Topology)
                                       දෙමුහුම්(Hybrid Topology)

8.8 පුරවර පෙදෙස් ජාල(MAN-Metropolitan Area Network)


                   ප්‍රධාන නගර වැනි භූගෝලීය වශයෙන් විශාල ප්‍රදේශ ආවරණය කරනු ලබන ජාල. පුරවැසියන් සමඟ සෘජු ලෙස සම්බන්ධ වන ප්‍රාදේශීය පුස්තකාල සහ රාජ්‍ය​ ආයතනද පුද්ගලික ආයතන ද මෙවැනි ජාල භාවිත කරයි.

8.8 පුළුල් පෙදෙස් ජාල(WAN-Wide Area Network)


        ලන්ඩනයනිව් යෝක් නගරය වැනි විශාල භූමි ප්‍රදේශ ආවරණය වන පරිදි සම්බන්ධ කර තිබෙන ජාල. මේවා අතර සම්බන්ධතා ඇති කිරීමට අන්තර් සමුද්‍ර කේබල හෝ චන්ද්‍රිකා උපයෝගි කර ගනු ලැබේ.
                                     උදා:- අන්තර්ජාලය

8.8 ස්ථානීය පෙදෙස් ජාල(LAN-Local Area Network)


               කුඩා ක්ෂේත්‍ර​රයක පැතිරී ඇති ජාලයකි. බොහෝ විට තනි ගොඩනැගිල්ලක හෝ භූගෝලීය වශයෙන් කුඩා (සාමාන්‍යයෙන් සැතපුමක වැනි සීමා සහිත) ප්‍රදේශයක පැතිරෙයි.
  
 LAN සැපයුමකට පහත සඳහන් කොටස් අයත් වේ.
  •  File server:-ජාලය පාලනය කරනු ලබන සියළුම මෘදුකාංග සහ ජාලයට සම්බන්ධ අනෙකුත් පරිගණක හා බෙදා හදා ගැනීම සඳහා වන මෘදුකාංග මෙහි තැන්පත් කර තිබේ.

  •  Workstation:-ෆයිල් සර්වරයට සම්බන්ධ අනෙක් පරිගණක

  •  Cables:-ජාල අතුරු මුහුණත් සම්බන්ධ කිරීම සඳහා භාවිත කරනු ලබන කේබල

8.8 පරිගණක ජාල වර්ග


පරිගණක ජාල වර්ග කීපයකි.
  •  ස්ථානීය පෙදෙස් ජාල(LAN-Local Area Network)
  • පුළුල් පෙදෙස් ජාල(WAN-Wide Area Network)
  • පුරවර පෙදෙස් ජාල(MAN-Metropolitan Area Network)
  • විසිරි පෙදෙස් ජාල(DAN- District Area Network)
  •  පාලිත පෙදෙස් ජාල(CAN- Campus Area Network)

8.8 පරිගණක ජාලකරණයේ අවාසි




  •  සර්වරයෙහි දෝෂ ඇති වූ විට භාවිත ප්‍රෝග්රෑම ක්‍රියාත්මක වීම නතර වීම.
  • ජාල දෝෂ නිසා දත්ත හානි සිදු වීමට ඉඩකඩ තිබීම.
  • ජාල දෝෂ නිසා සම්පත් ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරීම.
  • භාවිත කරන්නාගේ දායකත්වය ජාලය මත පදනම් වීම.
  •  පද්ධතිය (ජාල  ක්‍රියාකාරකම් වලට හානි පමුණුවන) හැකර්වරුන්ට විවෘත වීම.
  • තීරණ මධ්‍යගත වීම කෙරෙහි නැඹුරු වීම
  • අකාර්යක්ෂම වීමට තිබෙන ඉඩකඩ.
  • සමස්ථ ඉදිරිපත් කිරීම දුර්වල ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ.
  • ජාලයට අයත් සම්පත් භාවිත කරන්නාගෙන් බොහෝ දුරස්ව පිහිටීමට හැකි බව.
  • ජාල කළමනාකරණය දුෂ්කර වීමට තිබෙන ඉඩකඩ වැඩි වීම.

8.6පරිගණක ජාලකරණයේ වාසි


  •  වේගය: දත්ත ගොනු ඉතා ඉක්මණින් හුවමාරු කරගැනීමට පුළුවන. ලෝකයේ වෙනත් තැනක තිබුණද තත්පර ගණනකින් හෝ විනාඩි ගණනකින් එහි ස්වරූපයට කිසිදු හානියක් සිදු නොකොට එලෙසින්ම ෆයිල් ගෙන්වා ගැනීමට පුළුවන. කාලය ඉතිරි වේ.
  • වියදම: මෘදුකාංග වල බලපත්‍ර​  සහිත පිටපත් අධික මිලෙන් යුතුය. ජාලගත මෘදුකාංග මිලෙන් අඩුය. බෙදාහදා ගන්නා මෘදුකාංග ඒවා අයත් සර්වරයේ දී වැඩි දියුණු කිරීම ප්‍ර​මාණවත්ය. පරිගණක කිහිපයක මෘදුකාංග වෙන් වෙන් වශයෙන් වැඩි දියුණු කිරීමට වඩා මේ ක්‍රමය පහසුය.
  • ආරක්ෂාව: ජාලයකට අයත් ෆයිල් වර්ග ආරකෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබේ. අනවසර පුද්ගලයන්ට ජාලයට ඇතුළු වීමේ ඉඩකඩ අසුරාලිය හැකිය. එබැවින් වැදගත් ෆයිල් අන්සන්තක වීම වළ​ක්වාලිය හැකිය.
  •  ධ්‍යගත මෘදුකාංග පාලනයෆයිල් සර්වරය නමින් හඳුන්වනු ලබන  ප්‍ර​ධාන පරිගණකයකට පමණක් මෘදුකාංග සංස්ථාපනය කරනු ලැබේ. මේ නිසා ඩිස්ක්වල ඉඩ පිරිමැසීම සිදු වේ. කාලය ඉතිරි වේ.
  • සම්පත් බෙදා ගැනීම: Printers, Fax machines, Modem යනාදිය පොදුවේ භාවිත කළ හැකිය. එසේ කිරීමෙන් විශාල මුදලක් ඉතිරි වේ.
  • විද්‍යුත් තැපෑල පුද්ගල හා වෘතීය සන්නිවේදනය සඳහා මෙය උපකාරී වේ. කඩදාසි පුරවා ගැනීම අනවශ්‍යවේ. ඉක්මන් සම්බන්ධතා ගොඩ නැගේ.

  •  ම්‍යශීලී බව: ආයතනයකට සම්බන්ධ ෆයිල්ස් එහි ඕනෑම පරිගණකයකින් පහසුවෙන් ඈඳා ගත හැකි වේ. තැනින් තැනට ෆයිල් ගෙන යාම අවශ්‍ය නොවේ.

  • දත්ත සමූහ ගොනු වලට පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව: භාවිත කරන්නාට තමාට පහසු ස්ථානයක සිට කිසියම් එකක් ඔස්සේ ජාලවල තිබෙන දත්ත සමූහ ගොනු වලට සම්බන්ධ වීමට පුළුවන. (බැංකුවක තැන්පත් කර ඇති මුදල් වෙනත් ශාඛාවක ටෙලර් යන්ත්‍ර​යක් හරහා ලබාගත හැකි වීම මීට නිදසුනකි.)
  • Work Group ගණනය: කිසියම් තනි ආයතනයකට අයත් පුද්ගලයන් කණ්ඩායමකට වෙන් වෙන් ස්ථාන වල සිට කිසියම් ලියවිලි කටයුතු වලට සම්බන්ධවීමේ හැකියාව.

8.6 ඝෝෂාව(Noise)


  • සංඤාවක් වෙනස් සංඛ්‍යාත​ කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් හරහා ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී වෙනස් කොටස් නිපදවිය හැක.
  •  මෙය අන්තර් මූර්ජන ඝෝෂාව(Inter modulation noise) ලෙස හඳුන්වන සංඤා විකෘතිතාව ඇති කරයි.

           Noise Reduction
                         Signal 1 කින් noise ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි.
      Analog හෝ Digital යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ පටිගත කිරීමේ උපක්‍ර​ම වලට noise ග්‍රහණය​ කිරීමේ හැකියාව ඇති ගති ලක්ෂණ පැවතේ.
      අඩු කිරීමේ ක්‍රම​
                    Tradeoffs
                    Chroma and luminance noise separation
                    Linear Smoothing Filter
                    Single combination

8.6 හායනය(Attenuation)


  •  භෞතික විද්‍යාවේදී Attenuation  යනු  මාධ්‍යක් හරහා ඕනෑම ආකාරයේ ගලායාමක තීව්‍රතාවය​ ක්‍රමක් ක්‍රමයෙන් අඩු වීමයි.
  •  Electrical Engineering හා telecommunication වලදී electric circuit, fibre optics හා වායුගෝලයේ Radio waves තරංග හා සංඤා වලට attenuation බලපායි.

8.6 විකෘතිවීම (Distortion)



  • සම්ප්‍රේෂණ  මාධ්‍යයේ සංඤා දුර්වල වීම හේතු වෙන් මෙය ඇති වේ.
  • සාදෘශ්‍ය සංඤා සම්බන්ධයෙන් හායන විකෘති තාව විශේෂයෙන් බලපවත්වයි.
  • මාධ්‍ය හරහා සංඤා ගමන් කරනා විට සංඤාවේ විවිධ වූ සංඛ්‍යාත කොටස් විවිධ වූ  ප්‍ර​ මාද වීම් අත්විඳිමට හේතුවෙන්  ප්‍ර​මාද විකෘතිතා ඇති වේ. මෙය සිදු වන්නේ සංඤාවේ වේගය සමග වෙනස් වන බැවිනි.
  • සමකරණයක් භාවිතයෙන්  ප්‍ර​මාද විකෘතිතා අවම කරගත හැක.

8.5 Satellite Transmission


  • අභ්‍යාවකාශයේ සැතපුම් 500-22000 දක්වා දුර තිබෙන චන්ඳ්‍රිකාවකට සංඤා සම්ප්‍රේෂණය කරයි.
  • මේ ක්‍රමයේ තිබෙන ප්‍රධාන අවාසිය වන්නේ ප්‍රමාදය(Propagation Delay)යි.
  • මෙය රටවල් අතර ඉතා වේගයෙන් දත්ත සම්ප්‍රේණය සඳහා භාවිත කරයි.

8.5 Infrared Transmission



  • සාමාන්‍යය​ දෘශ්‍ය ආලෝකයට වඩා බොහෝ අඩු සංඛ්‍යාත වලින් යුත් ආලෝක තරංග වාතය හරහා සම්ප්‍රේෂණය කරයි.
  • ජංගම පරිගණක සඳහා භාවිත නොකරන තරම්ය.
  • මෙය සාමාන්‍යය​   ජීවිතයේදී ගුවන් විදුලි තරංග භාවිත කර දත්ත සම්ප්‍රේෂණය කිරීම විශාල ලෙස භාවිතා කරයි.

8.5 Microwave Transmission


 
  •  මෙහි සංඛ්‍යාත බෙහෙවින් අධිකය.
             
  •   ඕනෑම ස්ථානක් අතර දෘශ්‍ය ආලෝක රේඛා පථයක් ඔස්සේ යැවිය හැකිය.
               
  • දුරස්ථ ප්‍රදේශ අතර හඬ හා දත්ත  ප්‍රවාහනයට භාවිත කරයි.

8.5 Radio Transmission

  •  සාමාන්‍යය​ ජීවිතයේ දී ගුවන් විදුලි තරංග භාවිත කර දත්ත සම්ප්‍රේ ෂණය කිරීම විශාල ලෙස භාවිතා කරයි.
  •  සම්මත ගුවන් විදුලි සම්ප්‍රේෂණයේ මූලධර්ම එලෙසින්ම භාවිත කරයි.
  • ජාලයට සම්බන්ධ සෑම පරිගණකයක්ම/උපාංගයක්ම ගුවන් විදුලි  සම්  ප්‍රේෂ/ග්‍රාහක සවි කර තැබීම අනිවාර්ය වේ.
  •  භාවිත කරනු ලබන  සංඛ්‍යාත අනෙක් වාණිජ ගුවන් විදුලි මධ්‍යස්ථාන වලින් නිකුත් කරන ලද තරංග වලට අවහිර නොවන පරිදි විය යුතුය.
  •  බලයෙන් බෙහෙවින් අඩු සම්ප්‍රේෂණ භාවිතා කරයි.
  •   සාමාන්‍යයෙන් අඩි 500 ක වැනි කෙටි දුරක් සම්ප්‍රේෂණය සිදු වේ.

8.5 නියමු නොවන මාධ්‍ය (Radiated Media)


  • මෙහිදී දත්ත ප්‍රවාහනය සඳහා භෞතික මාධයක් සම්බන්ධ කර නොගනී.
  • ඒ වෙනුවට සම්ප්‍රේෂණ(broadcast) මාධ්‍ය භාවිත කරයි.
                          උදා:-Radio Transmission
                                   VHF, UHF
                                   Infrared Transmission
                                   Microwave Transmission
                                   Satellite Transmission

8.5 Fibre Optical Cable


  • ආලෝකය භාවිත කරමින් දත්ත සම්ප්‍රේෂණය සඳහා විශාල දායකත්වයක් ලබා ගනී.
  •  ඉතා වේගයෙන් හා වැඩි දුරක් මේ හරහා දත්ත සම්ප්‍රේෂණය වේ.

  • තනි වීදුරු වයර් සිය ගණනක් උපයෝගි කර ගෙන තනා තිබේ.


  • මේවා මගින් ආලෝක ධාරා ස්පන්ධන ප්‍රවාහනය කෙරේ.

8.5 ඇඹරි යුගල රැහැන්(Twisted Pair Wire)


  • මේ වර්ගය නිපදවා තිබෙන්නේ පරිවාරක යොදා ආවරණය කළ තඹ කම්බි 2 ක් එකිනෙක පටලවා ඒ යුගලය තවත් පරිවාරකයක් මගින් මුඳ්‍රා කිරීමෙනි.
           
  • පසැල් වල හා ගොඩනැගිල්ලක ඇති පරිගණක සම්බන්ධ කිරීමට පමණක් මෙය භාවිතා කරයි.
  •  මෙම රැහැන් හරහා විශාල දුරක් දත්ත ගමන් කිරීමට නොහැකිය.
   
  • මෙය වර්ග 2 කි.
                              Shielded Twisted Pair Wire (STP)
                              Unshielded Twisted Pair Wire (UTP)

8.5 විවෘත රැහැන්(Open Wire)


  • මෙය සාම්ප්‍ර​දායිකව භාවිතා කරන්නේ බලශක්ති කණුව දිගේ අමුණන ලද කම්බි හැඳින්වීමටය.

  •   කණු අතර අමුණන ලද තනි කම්බියක් ඇත. ශබ්ද බාධා කිරීම් සඳහා ආරක්ෂණ හෝ ආවරණ භාවිතා කර නැත.
             
  •  ශබ්ද බාධක වලින් ආරක්ෂාව හෝ ආවරණ රහිතව ඕනෑම දත්ත සංඤා මාර්ගයක් විවෘත රැහැන් වලට ඇතුලත් කරමින් එය පුළුල් කිරීමට හැකියාවක් ඇත.
               
  • මෙයට බහු සන්නායක රැහැන් හෝ තනි රැහැන් යෙදිය හැක
               
  •  මෙය විශාල ප්‍ර​මාණයකට ශබ්දයට හා බාධාවන්ට ඉක්මනින් අවනත වන අතර ඒ හේතුවෙන් දත්ත සම්ප්‍රේෂණය කළ නොහැක.

8.5 නියමු මාධ්‍ය(Guided Media


  •  මෙය මග පෙන්වන මාධ්‍යක් වේ.
  •  මෙහි දත්ත හුවමාරුව සඳහා භෞතිකමය එනම් ද්‍රව්‍යමය මාධයක් උපයෝගී කර ගනු ලැබේ.
  • මේ සඳහා කිසියම් කේබල් විශේෂයක් පාවිච්චි කිරීම පොදු  ක්‍රමයකි.
                     උදා:-  Open wire
                                          Twisted Pair wire
                                          Coaxial cable
                                          Fibre Optical Cable

8.4 Introduction to multiplexing

 සංඛ්‍යාත​ බෙදා ගැනීමේ බහුපථ ක්‍රම(Frequency Division Multiplexing)

              
  • සන්නිවේදන මාර්ගයක් තුලින් සම්ප්‍රේෂණය සඳහා සංඤා ගණනාවක් එක් වූ ක්‍රමයකි.
  • ප්‍රධාන මාර්ගය තුල සෑම සංඤාවකටම නියම කරන ලද වෙනස් වූ සංඛ්‍යාතයක්ඇත.

කාලය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Time Division Multiplexing)



  • මෙය ගලා යන බහුවිධ දත්ත සංඤා ඛාණ්ඩ ගණනාවකට වෙන් කිරීම මගින් තනි සංඤාවකට දැමීමේ ක්‍රමයකි.
  • සෑම කාණ්ඩයකටම වෙන් කරනුයේ ඉතා කෙටි කාල පරාසයකිනි.
  • සෑම තනි දත්ත ධාරාවක් ම කාලය මත පදනම්ව ග්‍රාහක කෙළවරේදි නැවත සකස් වේ.
                                     
කේතය බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය(Code Division Multiplexing)

  •   මෙය විවිධ ගුවන් විදුලි සන්නිවේදන තාක්ෂණ විසින් මාර්ගප්‍රවේශය සඳහා භාවිතා කරන  ක්‍රමයකි.            
 
  •   මෙය ජංගම දුරකථනවල CDMA 1 හා CDMA 2000 නම් වන ප්‍රමිතීන් සමග සැසඳිම හා පටලවා ගැනීම නොකල යුතුය.

  • එය CDMA මූලික  ප්‍රවේශ  ක්‍රමයක් ලෙස භාවිතා කරයි.

8.4 බහුපථ ක්‍රමයේ අවශ්‍ය​තාවය


  •   බහුවිධ සංඤා හෝ ගලා එන තොරතුරු, සංකීර්ණ සංඤාවක් ආකාරයෙන් යැවීම හා ඉන්පසු ග්‍රහ​ණය කර ගන්නා කෙළවරේදී එක එක තනි සංඤා ප්‍රකෘත​ ස්වභාවයට පත් කරයි.

  •  Analog සම්ප්‍රේ ෂණයේදී ග්‍රාහක (bandwidth) වෙනස් වූ පුළුල්  සංඛ්‍යාත  වලින් යුත් උප මාර්ගවලට වෙන් වුන සංඛ්‍යාත බෙදා ගැනීමේ බහුපථ ක්‍රමය භාවිතයෙන් බහුපථකරණ​ය වී ඇත.
              
  •  මෙම සෑම උපාය මාර්ගයක්ම 1 ම වේලාවේ සමාන්තරව signal 1 ක් ගෙන යයි.

8.3 ප්‍රතිතිසම තරංග අංකිත තරංග බවට හැරවීම


               කම්පන කේත මූර්ජනය යනු……(what is PCM?)

         

8.3 අංකිත තරංග ප්‍රතිතිසම තරංග බවට හැරවීම


මොඩමයක් යනු.......(What is a modem?)

8.3 අවධි විස්තාරණ වාහකය (Phase Shift Keying – PSK)


   
  •     මෙය සුදුසු සංඤාවක අවධිය වෙනස් කිරීමෙන් හෝ හැසිරවීමෙන් දත්ත ගෙනයාමේ Digital Modulation   ක්‍රමයකි.

8.3 සංඛ්‍යාංක විස්තාරණ වාහකය (Frequency Shift Keying - FSK)




  •     වාහක තරංගයක වෙන්ව පවත්නා සංඛ්‍යාත වෙනස්කම් හරහා Digital  තොරතුරු සම්ප්‍රේ ෂණය කරන මූර්ජන ක්‍රමයකි.
  •     සරලව FSK වල වන්නේ Binary FSK  (0 හා 1) තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට වෙන්ව පවත්නා යුගලයක් භාවිත කරමින් ප්‍රායෝගිකව ඇඟවීමයි.

8.3 නියත විස්තාරණ වාහකය (Amplitude Shift Keying - ASK)


  •    සංඛ්‍යාත හා අවධිය නියතව තබමින් වාහක සංඤාවක විස්තාරණය ගලා යන බිටු වලට අනුකූලව වෙනස් කරයි.

8.3 අංකිත සංඤා මූර්ජනය(Digital Signal Modulation)


  •       Digital Signal Modulation ක්‍රමයෙන් සන්නිවේදන  මාධ්‍ය තරංග වලට අනුරූප වන තරංග බවට Digital සම්ප්‍රේෂණය කරයි.

8.3 අවධි මූර්ජනය (Phase Modulation – PM)


  • මූර්ජන සංඤා නමින් හැඳින්වෙන තොරතුරු සංඤා වල විශේෂ ලක්ෂණ වලට අනුකූලව සාමඉක වාහක සංඤා වලට අවධිය වෙනස් කර ඒ මගින් විද්‍යුත් සන්නිවේදන සම්ප්‍රේ ෂණයට භාවිතා කරන මාධ්‍යකි.

8.3 විස්තාරණ මූර්ජනය(Amplitude Modulation – AM)


          
  •  මෙය AC Waves මතට දත්ත කාවැද්දීමේ ක්‍රම​යකි.
  •   ගුවන් විදුලි වාහක තරංග හරහා තොරතුරු සම්ප්‍රේෂණය සඳහා වැඩි වශයෙන් භාවිතා වේ.
  •   යවන තොරතුරු වලට අනුව සම්ප්‍රේෂණය කරන සංඤා වල ශක්තිය වෙනස් කරමින් මෙය ක්‍රියා කරයි.

8.3 ප්‍රතිසම සංඤා මූර්ජනය(Analog Signal Modulation)


  •   Electronic හෝ දෘෂ්ඨි සංඤා වාහකයකට data හෝ signal එක් කිරීම මූර්ජනය වේ.

  •   මෙය Direct current 1 ට ද ස්විචය සන්ධි කිරීමෙන් හා විසන්ධි කිරීමෙන් ලැබෙන   ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවලට ද යෙදිය හැක.
    
  •  වර්තමානයේ පවතින ගුවන් විදුලි හා විද්‍යුත් සන්නිවේදන ක්‍රම​ බොහෝමයක් සඳහා වාහකයා වන්නේ නියමිත සංඛාංක පරාසයක ගමන් කරන  ප්‍රත්‍යාවර්තන විදුලි ධාරාවයි (AC).

8.3 මූලික මූර්ජන තාක්ෂණයන් (Basic Modulation Techniques)


  •     ප්‍ර​තිසම​ සංඥා මූර්ජනය(Analog Signal Modulation)

                       විස්තාරණ මූර්ජනය(Amplitude Modulation – AM)
                        සංඛ්‍යාංක මූර්ජනය (Frequency Modulation  - FM)
                        අවධි මූර්ජනය (Phase Modulation – PM)

  •    අංකිත සංඥා මූර්ජනය(Digital Signal Modulation)

                       නියත විස්තාරණ වාහකය (Amplitude Shift Keying - ASK)
                       සංඛ්‍යාංක  විස්තාරණ වාහකය (Frequency Shift Keying - FSK)
                       අවධි විස්තාරණ වාහකය (Phase Shift Keying – PSK)