8.8 පරිගණක ජාලකරණයේ අවාසි




  •  සර්වරයෙහි දෝෂ ඇති වූ විට භාවිත ප්‍රෝග්රෑම ක්‍රියාත්මක වීම නතර වීම.
  • ජාල දෝෂ නිසා දත්ත හානි සිදු වීමට ඉඩකඩ තිබීම.
  • ජාල දෝෂ නිසා සම්පත් ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරීම.
  • භාවිත කරන්නාගේ දායකත්වය ජාලය මත පදනම් වීම.
  •  පද්ධතිය (ජාල  ක්‍රියාකාරකම් වලට හානි පමුණුවන) හැකර්වරුන්ට විවෘත වීම.
  • තීරණ මධ්‍යගත වීම කෙරෙහි නැඹුරු වීම. 
  • අකාර්යක්ෂම වීමට තිබෙන ඉඩකඩ.
  • සමස්ථ ඉදිරිපත් කිරීම දුර්වල ස්වභාවයක් ගැනීමේ ඉඩකඩ.
  • ජාලයට අයත් සම්පත් භාවිත කරන්නාගෙන් බොහෝ දුරස්ව පිහිටීමට හැකි බව.
  • ජාල කළමනාකරණය දුෂ්කර වීමට තිබෙන ඉඩකඩ වැඩි වීම.

8.6පරිගණක ජාලකරණයේ වාසි


  •  වේගය: දත්ත ගොනු ඉතා ඉක්මණින් හුවමාරු කරගැනීමට පුළුවන. ලෝකයේ වෙනත් තැනක තිබුණද තත්පර ගණනකින් හෝ විනාඩි ගණනකින් එහි ස්වරූපයට කිසිදු හානියක් සිදු නොකොට එලෙසින්ම ෆයිල් ගෙන්වා ගැනීමට පුළුවන. කාලය ඉතිරි වේ.
  • වියදම: මෘදුකාංග වල බලපත්‍ර​  සහිත පිටපත් අධික මිලෙන් යුතුය. ජාලගත මෘදුකාංග මිලෙන් අඩුය. බෙදාහදා ගන්නා මෘදුකාංග ඒවා අයත් සර්වරයේ දී වැඩි දියුණු කිරීම ප්‍ර​මාණවත්ය. පරිගණක කිහිපයක මෘදුකාංග වෙන් වෙන් වශයෙන් වැඩි දියුණු කිරීමට වඩා මේ ක්‍රමය පහසුය.
  • ආරක්ෂාව: ජාලයකට අයත් ෆයිල් වර්ග ආරකෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබේ. අනවසර පුද්ගලයන්ට ජාලයට ඇතුළු වීමේ ඉඩකඩ අසුරාලිය හැකිය. එබැවින් වැදගත් ෆයිල් අන්සන්තක වීම වළ​ක්වාලිය හැකිය.
  •  මධ්‍යගත මෘදුකාංග පාලනය:  ෆයිල් සර්වරය නමින් හඳුන්වනු ලබන  ප්‍ර​ධාන පරිගණකයකට පමණක් මෘදුකාංග සංස්ථාපනය කරනු ලැබේ. මේ නිසා ඩිස්ක්වල ඉඩ පිරිමැසීම සිදු වේ. කාලය ඉතිරි වේ.
  • සම්පත් බෙදා ගැනීම: Printers, Fax machines, Modem යනාදිය පොදුවේ භාවිත කළ හැකිය. එසේ කිරීමෙන් විශාල මුදලක් ඉතිරි වේ.
  • විද්‍යුත් තැපෑල පුද්ගල හා වෘතීය සන්නිවේදනය සඳහා මෙය උපකාරී වේ. කඩදාසි පුරවා ගැනීම අනවශ්‍යවේ. ඉක්මන් සම්බන්ධතා ගොඩ නැගේ.

  •  නම්‍යශීලී බව: ආයතනයකට සම්බන්ධ ෆයිල්ස් එහි ඕනෑම පරිගණකයකින් පහසුවෙන් ඈඳා ගත හැකි වේ. තැනින් තැනට ෆයිල් ගෙන යාම අවශ්‍ය නොවේ.

  • දත්ත සමූහ ගොනු වලට පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව: භාවිත කරන්නාට තමාට පහසු ස්ථානයක සිට කිසියම් එකක් ඔස්සේ ජාලවල තිබෙන දත්ත සමූහ ගොනු වලට සම්බන්ධ වීමට පුළුවන. (බැංකුවක තැන්පත් කර ඇති මුදල් වෙනත් ශාඛාවක ටෙලර් යන්ත්‍ර​යක් හරහා ලබාගත හැකි වීම මීට නිදසුනකි.)
  • Work Group ගණනය: කිසියම් තනි ආයතනයකට අයත් පුද්ගලයන් කණ්ඩායමකට වෙන් වෙන් ස්ථාන වල සිට කිසියම් ලියවිලි කටයුතු වලට සම්බන්ධවීමේ හැකියාව.

8.6 ඝෝෂාව(Noise)


  • සංඤාවක් වෙනස් සංඛ්‍යාත​ කොටස් ඇති සම්ප්‍රේෂණ මාධ්‍යක් හරහා ගමන් කරන විට රේඛීය නොවීම හේතුවෙන් සමහර කොටස් එකතුවී වෙනස් කොටස් නිපදවිය හැක.
  •  මෙය අන්තර් මූර්ජන ඝෝෂාව(Inter modulation noise) ලෙස හඳුන්වන සංඤා විකෘතිතාව ඇති කරයි.

           Noise Reduction
                         Signal 1 කින් noise ඉවත් කිරීමේ ක්‍රියාවලිය යි.
      Analog හෝ Digital යන දෙවර්ගයටම අයත් සියළුම වර්ගයේ පටිගත කිරීමේ උපක්‍ර​ම වලට noise ග්‍රහණය​ කිරීමේ හැකියාව ඇති ගති ලක්ෂණ පැවතේ.
      අඩු කිරීමේ ක්‍රම​
                    Tradeoffs
                    Chroma and luminance noise separation
                    Linear Smoothing Filter
                    Single combination

8.6 හායනය(Attenuation)


  •  භෞතික විද්‍යාවේදී Attenuation  යනු  මාධ්‍යක් හරහා ඕනෑම ආකාරයේ ගලායාමක තීව්‍රතාවය​ ක්‍රමක් ක්‍රමයෙන් අඩු වීමයි.
  •  Electrical Engineering හා telecommunication වලදී electric circuit, fibre optics හා වායුගෝලයේ Radio waves තරංග හා සංඤා වලට attenuation බලපායි.

8.6 විකෘතිවීම (Distortion)



  • සම්ප්‍රේෂණ  මාධ්‍යයේ සංඤා දුර්වල වීම හේතු වෙන් මෙය ඇති වේ.
  • සාදෘශ්‍ය සංඤා සම්බන්ධයෙන් හායන විකෘති තාව විශේෂයෙන් බලපවත්වයි.
  • මාධ්‍ය හරහා සංඤා ගමන් කරනා විට සංඤාවේ විවිධ වූ සංඛ්‍යාත කොටස් විවිධ වූ  ප්‍ර​ මාද වීම් අත්විඳිමට හේතුවෙන්  ප්‍ර​මාද විකෘතිතා ඇති වේ. මෙය සිදු වන්නේ සංඤාවේ වේගය සමග වෙනස් වන බැවිනි.
  • සමකරණයක් භාවිතයෙන්  ප්‍ර​මාද විකෘතිතා අවම කරගත හැක.

8.5 Satellite Transmission


  • අභ්‍යාවකාශයේ සැතපුම් 500-22000 දක්වා දුර තිබෙන චන්ඳ්‍රිකාවකට සංඤා සම්ප්‍රේෂණය කරයි.
  • මේ ක්‍රමයේ තිබෙන ප්‍රධාන අවාසිය වන්නේ ප්‍රමාදය(Propagation Delay)යි.
  • මෙය රටවල් අතර ඉතා වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය සඳහා භාවිත කරයි.

8.5 Infrared Transmission



  • සාමාන්‍යය​ දෘශ්‍ය ආලෝකයට වඩා බොහෝ අඩු සංඛ්‍යාත වලින් යුත් ආලෝක තරංග වාතය හරහා සම්ප්‍රේෂණය කරයි.
  • ජංගම පරිගණක සඳහා භාවිත නොකරන තරම්ය.
  • මෙය සාමාන්‍යය​   ජීවිතයේදී ගුවන් විදුලි තරංග භාවිත කර දත්ත සම්ප්‍රේෂණය කිරීම විශාල ලෙස භාවිතා කරයි.