8.1දත්ත සන්නිවේදන පද්ධතියක සංරචක(Components of data transmission system)


 දත්ත සන්නිවේදන පද්තියක සංරචක 4 ක් තියෙනවා ඒවා තමයි
Ø      දත්ත ප්‍රභවය​(sender/source/transmitter)
Ø       ග්‍රාහකයා(receiver/sink)
Ø      සන්නිවේදන මාධ්‍ය ය (medium)
Ø        නියමාවලී(protocols)


Ø    දත්ත ප්‍රභවය​ (sender/source/transmitter)
                   දත්ත ප්‍රභ​වය කියන්නේ යම්කිසි දත්තයක් යවන කෙනාටයි. මෙයාට  සම්ප්‍රේෂණය​ කියලත් කියනවා.

Ø ග්‍රාහකයා  (receiver/sink)
                       ග්‍රාහකයා කියන්නේ  එවන දත්තය ලබාගන්නා කෙනාටයි.


Ø    සන්නිවේදන මාධ්‍ය  (medium)
                දත්ත සම්ප්‍රේෂණය​ (එහා මෙහා ගෙන යාම) සඳහා නොයෙකුත් වර්ගයේ මාධ්‍යයන් පාවිච්චි කරනවා ඒවා මූලික ආකාර  2 කි
·        නියමු මාධ්‍ය
·          විකිරණ මාධ්‍ය
මේ මාධ්‍යන් ගැන පස්සේ කියන්නම් හොඳේ…….


Ø    නියමාවලී(protocols)

නියමාවලී කියන්නේ ජාලයක් තුල දත්ත සන්නිවේදනයේදී එහි පාලනය සඳහා යොදා ගන්නා නීති රීති සමූහයක් වගේ දෙයක්. හරියට ලියුමක් දාලා යවන ලියුම් කවරය වගේ. ලියුම කියන්නේ දත්තය එතකොට ලියුම් කවරය කියන්නේ නියමාවලිය යි.
          
·        සම්මුහුර්තකරණය
                         එක් එක් ස්ථාන වල සිදු වන ක්‍රියාකරකම් කීපයක් එක් ස්ථානයක එකවර සිදු වීම.
                  උදා:-   ඔරලෝසුවේ කටු කැරකීම
                            ජාලකරණයේ දී ගමන් ගන්නා එක ස්ථානයකට ලබා ගැනීම


·        පිළිදැන්වීම
                        ජාලකරණයේ දී දත්ත සන්නිවේදනය සඳහා දත්ත ලබා ගන්න(receiver)  ග්‍රාහකයෙක් ඉන්න ඹ්න. දත්තයක්  යැවීමට පෙර අදාල පරිගණකයට දැන්වීම පිළිදැන්වීම(acknowledgement) වේ.

8.1 දත්ත සන්නිවේදනය හැඳින්වීම. (Introduction to data transmission)


ඔන්න ඉතින් දත්ත සන්නිවේදනය(data transmission)  කියන්නේ…………
                                   දත්ත(data) එක ස්ථානයක සිට  තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය   (transmit) කිරීමයි .පරිගණක ජාලයක(computer network) දත්ත සම්ප්‍රේෂණය   කියන්නේ දත්ත එක පරිගණකයක සිට තවත් පරිගණකයකට  සම්ප්‍රේෂණය කිරීමයි.

Computer Networking ගැන චුට්ටක් දැන ගමුද...

        
         අපි ගෙදර හරි ඔෆිස් එකේ හරි කම්පියුටර් 1ක් හෝ වැඩි ගණනක් ඇත්නම් අපි ඒවායින් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවාද කම්පියුටර්ස් 2 ක් හෝ වැඩි ගණනක් network කිරීමෙන් කම්පියුටර් භාවිතය වඩාත් පහසු පිරිමැසුම් දායක මෙන්ම භාවිතය ආශ්වාදජනක වැඩක් වේ.
        කම්පියුටර්ස් network කිරීමෙන්
               Internet connection හවුලේ භාවිතා කිරීම
               Files හා folders හවුලේ භාවිතා කිරීම සන්නිවේදන පහසුකම වගේ වාසි ගොඩාක් ලබා ගන්න පුලුවන් හැබැයි networking වලදී වාසි වගේම අවාසිත් තියනවා හොඳේ……..


චූට්ටක් ඈතට.........


         දෙවනි ලෝක යුධ සමයේ, එනම් 1945 දී පරිගණක පළමු පරපුර බිහිවිය. රික්තක නළ (vacuum tubes) 18000 කින් යුතු, බලය Kw 14 අවශ්‍ය වූ, බරින් බාන් 30 ක් වූ පළමු ඉලෙක්ට්‍රොනික් පරිගණකය වූ ENIAC සමගය. ඉන්පසු ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ දියුණුවත්සමග ක්‍රමයෙන් ප්‍රමාණයෙන් කුඩා වෙමින් අද අපට දැකිය හැකි කුඩා palmtop දක්වා කුඩා වී ඇත.


        පරිගණක අතර දත්ත සම්ප්‍රේෂණයේ ආරම්භය සනිටුහන් වන්නේ 1970 දී නිර්මාණය වූ mainframe වර්ගයේ පරිගණක සමගිනි. මිනිසුන් කීපදෙනෙකුට පොදුවේ පරිහරණය කළ හැකි වූ terminals වලින්යුතු එය ලෝකයේ පළමු පරිගණක ජාලය ලෙස සැලකේ.

        පරිගණක ක්‍රමයෙන් කුඩා වෙමින් පවතින විට මිනිසුන්ට ඒවාට ඇතුලත් කළ යුතු දත්ත ප්‍රමාණයන් ද විශාල විය. දත්ත විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය මත දත්ත කළමණාකරනය කිරීමේ අදහස බිහි විය. පරිගණක ගණනාවක් එක්කර ඒ අතුරින් එකක් දත්ත ගබඩාවක් ලෙස පවත්වා ගැනීමේ අදහස බිහි වූ අතර භූගෝලීය වශයෙන් එකම ස්ථානයක පවත්වාගෙන යෑම ආරම්භ විය.එවැනි පරිගණක ජාල LAN (Local Area Network)ලෙස හැඳින්විනි. එසේ  එකිනෙකට සම්බන්ධ කර පොදුවේ පරිහරණය කිරීමේ දී මෘදුකාංග හා දෘඩාංග පොදුවේ භාවිතා කිරීමේ දී ඇති වාසි සහගත බව පරිගණක ජාල කරණය තව තවත් වර්ධනයට හේතු විය.

           
            මෙහි දෙවෙනි පියවර වන්නේ මෙම ක්‍රියාවලිය භූගෝලීය වශයෙන් දුරස්ථ ස්ථාන සඳහා ද පැතිර වීමයි. එය WAN (Wide Area Network) ලෙස හැඳින්වේ. පරිගණක ජාලගත කිරීමේ  ප්‍රධාන අරමුණ දත්ත ගබඩා, මෘදුකාංග, දෘඩාංග වැනි සම්පත් පොදු වේ භාවිතය යි. එයට අමතරව භෞතික දුරස්ථභාවයේ බාධකය ජය ගැනීමයි. අපි සැතපුම් ගණනාවක් දුරින් සිටියත් ජාලකරණය හේතුවෙන් එම සථානයේම අනන්‍ය​ව සිටිය හැක.