8.6පරිගණක ජාලකරණයේ වාසි


  •  වේගය: දත්ත ගොනු ඉතා ඉක්මණින් හුවමාරු කරගැනීමට පුළුවන. ලෝකයේ වෙනත් තැනක තිබුණද තත්පර ගණනකින් හෝ විනාඩි ගණනකින් එහි ස්වරූපයට කිසිදු හානියක් සිදු නොකොට එලෙසින්ම ෆයිල් ගෙන්වා ගැනීමට පුළුවන. කාලය ඉතිරි වේ.
  • වියදම: මෘදුකාංග වල බලපත්‍ර​  සහිත පිටපත් අධික මිලෙන් යුතුය. ජාලගත මෘදුකාංග මිලෙන් අඩුය. බෙදාහදා ගන්නා මෘදුකාංග ඒවා අයත් සර්වරයේ දී වැඩි දියුණු කිරීම ප්‍ර​මාණවත්ය. පරිගණක කිහිපයක මෘදුකාංග වෙන් වෙන් වශයෙන් වැඩි දියුණු කිරීමට වඩා මේ ක්‍රමය පහසුය.
  • ආරක්ෂාව: ජාලයකට අයත් ෆයිල් වර්ග ආරකෂා කිරීමේ වැඩපිළිවෙලක් තිබේ. අනවසර පුද්ගලයන්ට ජාලයට ඇතුළු වීමේ ඉඩකඩ අසුරාලිය හැකිය. එබැවින් වැදගත් ෆයිල් අන්සන්තක වීම වළ​ක්වාලිය හැකිය.
  •  ධ්‍යගත මෘදුකාංග පාලනයෆයිල් සර්වරය නමින් හඳුන්වනු ලබන  ප්‍ර​ධාන පරිගණකයකට පමණක් මෘදුකාංග සංස්ථාපනය කරනු ලැබේ. මේ නිසා ඩිස්ක්වල ඉඩ පිරිමැසීම සිදු වේ. කාලය ඉතිරි වේ.
  • සම්පත් බෙදා ගැනීම: Printers, Fax machines, Modem යනාදිය පොදුවේ භාවිත කළ හැකිය. එසේ කිරීමෙන් විශාල මුදලක් ඉතිරි වේ.
  • විද්‍යුත් තැපෑල පුද්ගල හා වෘතීය සන්නිවේදනය සඳහා මෙය උපකාරී වේ. කඩදාසි පුරවා ගැනීම අනවශ්‍යවේ. ඉක්මන් සම්බන්ධතා ගොඩ නැගේ.

  •  ම්‍යශීලී බව: ආයතනයකට සම්බන්ධ ෆයිල්ස් එහි ඕනෑම පරිගණකයකින් පහසුවෙන් ඈඳා ගත හැකි වේ. තැනින් තැනට ෆයිල් ගෙන යාම අවශ්‍ය නොවේ.

  • දත්ත සමූහ ගොනු වලට පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව: භාවිත කරන්නාට තමාට පහසු ස්ථානයක සිට කිසියම් එකක් ඔස්සේ ජාලවල තිබෙන දත්ත සමූහ ගොනු වලට සම්බන්ධ වීමට පුළුවන. (බැංකුවක තැන්පත් කර ඇති මුදල් වෙනත් ශාඛාවක ටෙලර් යන්ත්‍ර​යක් හරහා ලබාගත හැකි වීම මීට නිදසුනකි.)
  • Work Group ගණනය: කිසියම් තනි ආයතනයකට අයත් පුද්ගලයන් කණ්ඩායමකට වෙන් වෙන් ස්ථාන වල සිට කිසියම් ලියවිලි කටයුතු වලට සම්බන්ධවීමේ හැකියාව.

0 comments:

Post a Comment