චූට්ටක් ඈතට.........


         දෙවනි ලෝක යුධ සමයේ, එනම් 1945 දී පරිගණක පළමු පරපුර බිහිවිය. රික්තක නළ (vacuum tubes) 18000 කින් යුතු, බලය Kw 14 අවශ්‍ය වූ, බරින් බාන් 30 ක් වූ පළමු ඉලෙක්ට්‍රොනික් පරිගණකය වූ ENIAC සමගය. ඉන්පසු ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයේ දියුණුවත්සමග ක්‍රමයෙන් ප්‍රමාණයෙන් කුඩා වෙමින් අද අපට දැකිය හැකි කුඩා palmtop දක්වා කුඩා වී ඇත.


        පරිගණක අතර දත්ත සම්ප්‍රේෂණයේ ආරම්භය සනිටුහන් වන්නේ 1970 දී නිර්මාණය වූ mainframe වර්ගයේ පරිගණක සමගිනි. මිනිසුන් කීපදෙනෙකුට පොදුවේ පරිහරණය කළ හැකි වූ terminals වලින්යුතු එය ලෝකයේ පළමු පරිගණක ජාලය ලෙස සැලකේ.

        පරිගණක ක්‍රමයෙන් කුඩා වෙමින් පවතින විට මිනිසුන්ට ඒවාට ඇතුලත් කළ යුතු දත්ත ප්‍රමාණයන් ද විශාල විය. දත්ත විශාල ප්‍රමාණයක් නඩත්තු කිරීමේ අවශ්‍යතාවය මත දත්ත කළමණාකරනය කිරීමේ අදහස බිහි විය. පරිගණක ගණනාවක් එක්කර ඒ අතුරින් එකක් දත්ත ගබඩාවක් ලෙස පවත්වා ගැනීමේ අදහස බිහි වූ අතර භූගෝලීය වශයෙන් එකම ස්ථානයක පවත්වාගෙන යෑම ආරම්භ විය.එවැනි පරිගණක ජාල LAN (Local Area Network)ලෙස හැඳින්විනි. එසේ  එකිනෙකට සම්බන්ධ කර පොදුවේ පරිහරණය කිරීමේ දී මෘදුකාංග හා දෘඩාංග පොදුවේ භාවිතා කිරීමේ දී ඇති වාසි සහගත බව පරිගණක ජාල කරණය තව තවත් වර්ධනයට හේතු විය.

           
            මෙහි දෙවෙනි පියවර වන්නේ මෙම ක්‍රියාවලිය භූගෝලීය වශයෙන් දුරස්ථ ස්ථාන සඳහා ද පැතිර වීමයි. එය WAN (Wide Area Network) ලෙස හැඳින්වේ. පරිගණක ජාලගත කිරීමේ  ප්‍රධාන අරමුණ දත්ත ගබඩා, මෘදුකාංග, දෘඩාංග වැනි සම්පත් පොදු වේ භාවිතය යි. එයට අමතරව භෞතික දුරස්ථභාවයේ බාධකය ජය ගැනීමයි. අපි සැතපුම් ගණනාවක් දුරින් සිටියත් ජාලකරණය හේතුවෙන් එම සථානයේම අනන්‍ය​ව සිටිය හැක.